එටිසලාට් - ශ්‍රී ලංකා

එටිසලාට් - ශ්‍රී ලංකා

එක්සත් අරාබි එමීර් රාජ්යයේ එටිසලාට් මෙහෙයුම් කරු එටිසලාට් සමාගම 2010 පෙබරවාරි 25 දින මිලිකොම් ජාත්‍යන්තර සෙලියුලර් සමාගමේ අනුබද්ධ ආයතනයන් වන ටීගෝ හි 1007 ක කොටස් මිලදී ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ පළමුවන සෙලියුලර් ජාලය ලෙස පළමුව මෙම ආයතනය සලකනු ලැබු අතර පසුව "CELLTELL" යන නමින් 1989 දී එහි කටයුතු ආරම්භ කරන ලදී. එටිසලාට් සමාගම එක්සත් අරාබි එමීර් රාජ්යයේ එමිරේට්ස් විදුලි සංදේශ සංස්ථාව විසින් පූර්ණ අයිතිය හා මෙහෙයවීමක් පවත්වාගෙන යයි.

එටිසලාට් ආයතනය එහි මෙහෙයුම් ඊජිප්තුවේ සහ සෞදි අරාබියේ මැද පෙරදිග සහ මැද පෙරදිග රටවල සෞදි අරාබිය හා පකිස්ථානය අතර ව්‍යාප්ත කොට ඇති අතර පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ග්රී ලංකාව වැනි ආසියාතික වෙළදපොළ වලට ව්‍යාප්ත වී ඇති අතර කලාපයේ අනෙකුත් ක්‍රියාකාරකම් සමග සෘජු සම්බන්ධතා සදහා රටවල් 16ක් පුරා මිලියන 167 ක දායකත්වයක් සපයයි. එටිසලාට් සමාගම නිරන්තරවම ව්‍යාප්ත වූ ආවරණය හා පෙර නොවූ විරූ සේවාවක් පමණක් නොව අනෙකුත් වටිනාකම් එකතු කළ සේවාවන් රාශියක්ද සපයනු ලබයි. අප ක්‍රියාශීලිව කටයුතු කරන අතර අපගේ ගණුදෙනුරුවන් අපගේම ලෙස සලකා කටයුතු කරන්නෙමු.

එමෙන්ම පාරිභෝගික සේවාව උදෙසා අපගේ ප්‍රමුඛස්ථානය ලබා දෙන්නෙමු.

"එය ඔබ ගැනමය" යන්න අපගේ සටන් පාඨය වන අතර අප සැමවිටම අපගේ ගනුදෙනුකරුවන්ගේ සිත්වලට ගැළපෙන සේවා මාලාවක් එළි දැක්වීමට කැපවී සිටින්නෙමු.

අපගේ දැක්ම

දුර ප්‍රමාණයෙන් සීමා නොවූ සියල්ලන්ටම පහසුවෙන් ළඟාවිය හැකි ලෝකයක්. පවුල සමඟ සමීපව රැදීසිටින අතරම ලෝකය පුරා සීමාරහිතව සැරිසරමින්, නව මිතුරන් එක්කර ගැනීමටත්, නව අවශ්‍යතාවයන් කරා ළඟා වීමටත්, සියලු පරිමාණවලින් යුතු ව්‍යාපාර මෙන්ම නව වෙළදපොළ කරා ළඟා වීමටත් තවදුරටත් දුර ප්‍රමාණයන් සීමා බාධාවන් නොවනු ඇත.

නව තාක්ෂණික විධි ලොව පුරා ඇති නවතම අවස්ථාවන් උදාකර දෙන අතර එමගින් නවතම භාණ්ඩ හා සේවා සැපයුමක් පාරිභෝගිකයාට ලබාදෙනු ඇත.

අපගේ මෙහෙවර

ජනතාව කරා ළඟාවීමේ පරාසය පුළුල් කිරීම.
ජනතාවට ඉගෙන ගැනීමටත්, වර්ධනය වීමටත්, සංවර්ධනය වීමටත් එටිසලාට්හි, අපි සක්‍රියව වර්ධනය වන දියුණු ජාලයන්ස ක්‍රිය කරනු ඇත.

ශක්තිය

ව්‍යාපාරික වශයෙන් හොඳම දේ සපුරා ගැනීමට අවශ්‍ය ශක්ති පරාක්‍රමයන් අපි අගය කරමු. අනාගත අභියෝගයන් හා අවස්ථාවන්ට මුහුණ දීමට අපි බලා සිටිමු.

විවෘතකම

සමාගමක් ලෙස අපි පාරිභෝගිකයින්ට, සැපයුම්කරුවන්ට හා සේවකයින්ට සුහදශීලීය, මිත්‍රශීලීය එමෙන්ම හිතකාමීය. අපි පැහැදිලි, ඍජු, අවංක හා සාධාරණ ලෙස ජනතාව සමඟ ව්‍යාපාරික ගනුදෙනු කටයුතු සිදු කරයි

සහනශීලිත්වය

අපගේ ඉලක්කය වනුයේ අවස්ථාවන් විවෘත කිරීම හා ජනතාවගේ ක්‍රියාකාරීත්වයට හා ඔවුන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමට උපකාර කිරීමයි. අපි හැම විටම අප පවසන දේ අපි ඉටු කරන්නෙමු.

අපගේ සබඳතා විස්තර:

එටිසලාට් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්.
රොටුන්ඩා ටවර්ස්,
අංක 109, ගාලු පාර, කොළඹ 03.

පොදු ඇමතුම් අංකය: 0722541541
ක්ෂණික ඇමතුම්: 1727

TOP
logo