ඬේටා ගාස්තු වලින් තොරව රිසි සේ අන්තර්ජාලය ඔස්සේ ගීත රසවිඳීම සඳහා සිය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව දැන් ‘එටිසලාට් මියුසික් ඇප්’   (Etisalat Music App) තුළින් ශ‍්‍රී ලාංකික ගීත 15,000, ජාත්‍යන්තර ගීත 9,000 සහ ‘මියුසික් වීඩියෝ’ 2,500 කට අධික සංඛ්‍යාවක් රිසි සේ රසවිඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වී ඇත.

නවතම ගීත මෙන්ම රසික හද දිනූ පැරණි ගීතද මෙම එකතුවට ඇතුළත් වී තිබේ. ඒ අනුව පාරිභෝගිකයන්ට තම රුචිකත්වය අනුව ගීත රසවිඳීමේ අවස්ථාව හිමිවනු ඇත.

Song Catcher, Lyric Finder, Social Points  සහ Mood Map වැනි විශේෂාංග රාශියක්ද ‘එටිසලාට් මියුසික් ඇප්’ හි ඇතුළත් වී තිබේ. දිනකට රු. 3 ක් වැනි නාමික ගාස්තුවක් යටතේ හෝ සතිපතා හෝ මාසික ගාස්තු ක‍්‍රමයක් යටතේ පාරිභෝගිකයන්ට රිසි සේ අන්තර්ජාලය ඔස්සේ ගීත රසවිඳිය හැකි වනු ඇත.

මෙහි ‘Editor’s Pick’ යටතේ නව ගීත සහ වීඩියෝ දැක්වෙන අතර  ‘Trending’ කාණ්ඩය යටතේ වඩාත්ම ජනප‍්‍රිය වූ ගීත සහ වීඩියෝ දැක්වේ.  Evoke International සමග එක්ව නිර්මාණය කර ඇති ‘එටිසලාට් මියුසික් ඇප්’ දැන්  Play Store  සහ App Store වෙතින් බාගත කළ හැක.

එටිසලාට් ලංකා සමාගමේ කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයන් විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍යමය ආධාර රැුගත් ‘මනුදම් සපිරි නොබිඳුණු සබැඳියාව’ සහන යාත‍්‍රාව පසුගියදා කළුතර දිස්ත‍්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත ළඟා විය.

ප‍්‍රදේශයේ බෞද්ධ විහාරයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ එම ආධාර විපතට පත් ජනතාව අතර බෙදා දෙන ලදි.

‘‘මෙම වැඩසටහනට මේ ආකාරයෙන් දායක වීම සම්බන්ධයෙන් මා අපගේ කාර්ය මණ්ඩලයට හා පාරිභෝගිකයන්ට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මෙසේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අමතරව, ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි විපතට පත් ප‍්‍රදේශවලට ජනතාවට විනාඩි 75 ක කතා කාලයක් නොමිලේ ලබාදීමටත් අප පියවර ගත්තා. මෙය එම ජනතාවට සහන සේවා හා සම්බන්ධ වීමට බෙහෙවින් උපකාවී වීම සතුටට කරුණක්.” එටිසලාට් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි* යාර්ධව් මධියාපරානම් මහතා පැවසී ය.

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී නගරවලින් දුරබැහැර ප‍්‍රදේශවල පිහිටි, ගංවතුර හා නායයෑම් නිසා හානියට පත්වූ පාසල් කිහිපයක් හඳුනා ගැනීමටද එටිසලාට් ලංකා සමාගම කටයුතු කළේ ය. ‘මනුදම් සපිරි නොබිඳුණු සබැඳියාව’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ එම පාසල් අලූත්වැඩියා කිරීමට සමාගම මේ වනවිට සැලසුම් කර ඇත.

ශ‍්‍රී ලංකා රග්බි සුපර් සෙවන්ස් 2017 තරගාවලියේ ප‍්‍රථම අදියර අවසානයේ ශූරතා පළිහ තමන් සතු කරගැනීමට එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම සමත් විය. අයහපත් කාලගුණය මැද පවා අති සාර්ථක ලෙස මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති පළිහ අවසන් තරගයේදී ඔවුන් අතින් 17 – 0 ලෙස පරාජයට පත්වූයේ කාගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

පළිහ අවසන් තරගය කරා ආ ගමනේදී එටිසලාට් පැන්තර්ස් පිලට දක්ෂ කණ්ඩායම් කිහිපයක අභියෝග වලට මුහුණ දීමට සිදුවිය. සෙනසුරාදා ‘ඊසි වුල්ව්ස්’ කණ්ඩායම සමග පැවති ප‍්‍රථම තරගයේදී සමගින් තම කණ්ඩායමට ප‍්‍රථම උත්සාහක ලකූණ සහතික කර දීමට ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වූ අතර තරගය අවසන් වූයේ ලකුණු 19 – 17 ලෙස එටිසලාට් පිලට ජය හිමිකර දෙමිනි.

සිය දෙවන තරගයේදී ව ෝකර්ස් ක්‍ඵඛ යිපර්ස් පිල පරදවා ලකුණු 26 – 07 ක් ලෙස දැවැන්ත ජයක් ලැබීමට එටිසලට් පිලට හැකියාව ලැබිණි. එහෙත් තුන්වන තරගයේදී ලකුණු 19 – 15 ලෙස එටිසලාට් පිල පරාජය කිරීමට කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිලට සමත් විය.

දෙවන දිනයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී එටිසලාට් පැන්තර්ස් පිල ඇක්සෙස් කිංස් පිල වෙතින් ලකුණු 19 – 14 ලෙස පරාජයක් ලැබී ය. දෙවන තරගය එටිසලාට් පැන්තර්ස් සහ ඊසි වුල්ව්ස් දෙපිළටම වැදගත් වූ අතර එම තරගය 17 – 14 ලෙස ජයගත් ඊසි වුල්ව්ස් පිල බඳුන අවසන් තරගයටත්, එටිසලාට් පැන්තර්ස් පිල පළිහ අවසන් තරගයටත් සුදුසුකම් ලැබූහ.

පළිහ අවසන් තරගයේදී කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිලේ අභියෝග පහසුවෙන් මෙල්ල කිරීමට එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව ලකුණු 17 – 0 ලෙස ශ‍්‍රී ලංකා රග්බි සුපර් සෙවන්ස් 2017 තරගාවලියේ ශූරතා පළිහ තමන් සතු කර ගැනීමට එටිසලාට් පැන්තර්ස් පිලට හැකියාව ලැබිණි.

SL Geek Club සංවිධානය කරන ‘Lanka Comic Con 2017’  සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එටිසලාට් ලංකා සමාගම නම් කර තිබේ. 2015 සිට දෙවරක් මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාව තුළ සාර්ථකව පවත්වා ඇති අතර මෙම වසරේදී පෙරටත් වඩා පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස් භේදයකින් තොරව විශාල පිරිසක් ආකර්ෂණය වන වැඩසටහනක් වන බැවින් මෙවරත් ඊට අනුග‍්‍රහය දැක්වීම සඳහා එටිසලාට් ලංකා සමාගම ඉදිරිපත් විය.

‘Lanka Comic Con 2017’ වැඩසටහන අගෝස්තු 26 සහ 27 දෙදින තුළ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත. 6,000 ත් 9,000 ත් අතර පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘‘ශ‍්‍රී ලංකාවේ නව අදහස් දරන නිර්මාණකරුවන් දිරිගැන්වීම වැදගත් බව එටිසලාට් ලංකා සමාගම විශ්වාස කරනවා. ඒ වගේම සන්නිවේදනය යනු විවිධ මට්ටම් හා විවිධ මාධ්‍ය හරහා විසිරී පැතිරී ගිය දෙයක් බව අපගේ අදහසයි. ‘Lanka Comic Con’ හුදෙක් විනෝදාත්මක වැඩසටහනක් ලෙස නම් කරන්නට බැහැ. මෙය සැබැවින්ම දැනුම බෙදාහදා ගැනීමේ පදනමක් ලෙසද හඳුන්වන්නට පුළුවන්.” එටිසලාට් ලංකා සමාගමේ කළමනාකරු (සන්නාම හා පාරිභෝගික සන්නිවේදන) උදාර ගුණසිංහ මහතා පැවසී ය.

ලොව ඕනෑම රටක පැවැත්වෙන Comic Con උත්සවයකදී විවිධ චරිත නිරූපණය කරන ඇඟලූම් වලින් සැරසීම සිදුවේ. මීට අමතරව Lanka Comic Con වැඩසටහන තුළදී වැඩමුළු, සංවාද, සංගීත ප‍්‍රසංග මෙන්ම දරුවන් හා වැඩිහිටියන් විනෝදමත් කරන තවත් වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Lanka Comic Con 2017 පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කරුණාකර  www.lankacomiccon.lk  වෙත පිවිසෙන්න.

අඛණ්ඩව 6 වන වරටත් Neo@Ogilvy සමග එක්වී ලෝක සමාජ මාධ්‍ය දින සැමරුම් උළෙලක් සංවිධානය කිරීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කළේ ය. පසුගිය ජූනි 30 වනදාට යෙදී තිබූ ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් පැවති මෙම වැඩසටහන පසුගිය ජූලි 09 වැනිදා මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සමාජ මාධ්‍ය සම්මන්ත‍්‍රණයක් සමගින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සමාජ මාධ්‍ය විශේෂඥයෝ සහභාගී වූහ. ‘ජනමාධ්‍ය විවිධාංගීකරණය වූ ලෝකයක සාර්ථකත්වය ළ`ගාකරගන්නේ කෙසේද?’ යන තේමාව යටතේ මෙම සංවාදය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ Neo@Ogilvy හි ඩිජිටල් ක‍්‍රමෝපාය උපදේශිකා මේරියන් ස්ටීවන්ස්  Dark Social සංකල්පය සහ පවතින නාලිකා මගින් උපරිම ප‍්‍රයෝජන ගැනීමේ ක‍්‍රමවේද සාකච්ඡුාවට බඳුන් කළා ය. විජය පුවත්පත් සමාගමේ අලෙවි ප‍්‍රධානී (අන්තර්ගත හා ඩිජිටල් මාධ්‍ය* උමයිර් වොලිඞ් සෘණාත්මක ප‍්‍රසිද්ධිය යනු සැබවින්ම අයහපත් ප‍්‍රචාර ද˘යන්න සාකච්ඡුාවට බඳුන්් කළ අතර රාජ්‍ය ප‍්‍රතිපත්ති ගවේෂක ශාස්ත‍්‍රවේදී˘චානුක වත්තේගම අන්තර්ජාලගත ජනමාධ්‍යවේදය හා එහි ධනාත්මක හා සෘණාත්මක පැති ගැන සාකච්ඡුාවට ලක්කළේ ය.

එටිසලාට් ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ යාර්ධව් මතියාපරානම්, ශ්‍රී ලංකා නීති සංගමය නියෝජනය කරමින්˘රෙහාන් අල්මේදා සහ  Neo@Ogilvy හි ඩිජිටල් මාධ්‍ය හා ඩිජිටල් නිෂ්පාදන ප‍්‍රධානී අමිත අමරසිංහ මෙහිදී විශේෂ සංවාදයක් මෙහෙයවූ අතර එහිදී වෙළඳ නාම, සමාජ මාධ්‍ය තුළ ඒවායේ භූමිකාව සහ හදිසි අවස්ථාවන් කළමනාකරණය කිරීම යනාදිය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

වැඩසටහනේ අවසාන භාගයේදී පැවති  ‘Meet Up’ සැසිය තුළදී බොහෝ දෙනෙකු ඉතාමත් උනන්දුවෙන් බලාපොරොත්තු වී සිටි සමාජ මාධ්‍ය සම්මාන උළෙල පැවැත්විණි. http://socialmediacolombo.com  වෙබ් අඩවිය මගින් සතියක කාලයක් පුරා එක්රැුස් කරගන්නා ලද නාමයෝජනා විශේෂ විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ලදි. Antyra Solutions හි ප‍්‍රධාන වාණිජ නිලධාරී රොහාන් ජයවීර, සමාජ මාධ්‍ය විශේෂඥ ප‍්‍රසාද් පෙරේරා,  Yoho Bed ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී චාමර පීරිස්, විජය පුවත්පත් සමාගමේ අලෙවි ප‍්‍රධානී (අන්තර්ගත හා ඩිජිටල් මාධ්‍ය* උමයිර් වොලිඞ් සහ  Quantum Leap සම නිර්මාතෘ අමිත ගමගේ යන අය මෙම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වූහ. විවිධ සමාජ මාධ්‍ය තලවල කැපී පෙනෙන පුද්ගලයන් සහභාගී වූ සංවාදයකින් අනතුරුව උත්සවය අවසන් විය. මෙම අවස්ථාවට ඉරාජ්, කළුමල්ලි, Leitch Peitch  සහ වස්ති වැනි ප‍්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහභාගී වූ අතර ඔවුහු  Facebook, YouTube, Instagram  සහ  Twitter භාවිතය සම්බන්ධයෙන් තම අදහස් බෙදාහදාගත්හ.

පළමු ත්‍යාගය ලෙස කොළඹ අවටින් අලූත්ම අලූත් නිවසක් සමග දිනපතා හා සතිපතා මුදල් තෑගි

අඛණ්ඩව දෙවැනි වරටත් ‘ගේම් ඔෆ් ටියුන්ස්’ (Game of Tunes) ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවති ‘Y අවුරුදු උදා Y’ සැණකෙළියේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාවට එටිසලාට් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කාර්ය මණ්ඩලය, හවුල්කරුවන් සහ සහ විශේෂ අමුත්තන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ. එහිදී පැවති සංගීත සංදර්ශනයට සංගීතය සැපයුවේ මෙරට සුප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන ‘වායෝ’ සංගීත කණ්ඩායමයි. ජූඞ් රෝගන්ස්, අජිත් පෙරේරා, ශානිකා වනිගසේකර, ශිහාන් මිහිරංග, සුරේන්ද්‍ර පෙරේරා, උදය ශ‍්‍රී, රොමේෂ් සුගතපාල, සංඛ දිනෙත්, බාචි සුසාන්, චින්ති ඇතුළු ජනප‍්‍රිය ගායක ගායිකාවෝ රැුසක් මෙහිදී නරඹන්නන් ගීත රසයෙන් කුල්මත් කිරීමට එක්වූහ. එමෙන්ම පේ‍්‍රක්ෂකයන් සඳහා දවස පුරා විශේෂ තරග හා විනෝද ක‍්‍රියාකාරකම් රාශියක්ද පවත්වන ලදි.

‘ගේම් ඔෆ් ටියුන්ස්’ වැඩසටහනේ අරමුණ වන්නේ සාමාන්‍යයෙන් ‘Call-A-Tunes’ යන නමින් ප‍්‍රසිද්ධ ‘Personal Ring Back Tones (PRBT)’ සේවාව ඔස්සේ ත්‍යාග හිමිකරගැනීමේ අවස්ථාව සලසා දීමයි. මාස 3 ක කාලයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන මගින් පාරිභෝගිකයන්ට සතිපතා රු. 50,000 බැගින් සහ දිනපතා රු. 5,000 බැගින් තෑගි පිරිනමනු ලබන අතර අවසාන මහා ත්‍යාගය වශයෙන් කොළඹ අවටින් අලූත්ම අලූත් නිවසක් පිරිනැමෙනු ඇත.

Game of Tunes වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ ලකුණු ක‍්‍රමයක් පදනම් කරගෙන ය. ලකුණු ලබාගැනීම සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ Call-A-Tunes ඩවුන්ලෝඞ් කිරීම පමණි. එසේ ඩවුන්ලෝඞ් කරගන්නා සෑම ටෝන් එකකටම රු. 1.50 ක ගාස්තුවක් අය වන අතර එය එක් දිනක් සඳහා වලංගු වේ. මෙසේ ඩවුන්ලෝඞ් කරගන්නා ටෝන් එකක් සඳහා ලැබෙන ලකුණු ගණන 10 කි. ඊට අමතරව Game of Tunes දෙවැනි අදියර සඳහා සතිපතා තේමා ගීත සහ අතිරේක බෝනස් ගීත 3 බැගින් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති අතර ඒවා ඩවුන්ලෝඞ් කරගැනීමේදී එක් ගීතයකට ලකුණු 50 ක් දක්වා හිමිකරගැනීමේ අවස්ථාව උදා වේ.

දිනපතා රු. 5,000 බැගින් වන මුදල් ත්‍යාගය සඳහා ජයග‍්‍රාහකයන් අහඹු ලෙස තෝරාගැනෙනු ඇත. සෑම සතියක් අවසානයේදීම වැඩිම ලකුණු හිමි අයට සතිපතා රු. 50,000 ත්‍යාග හිමි වේ. සේවාව භාවිතා කරන සියලූම දෙනා අතරින් එක් අයෙකුට කොළඹ අවටින් අලූත්ම අලූත් නිවසක් දිනාගැනීමේ වාසනාව වැඩසටහන අවසානයේදී උදාවනු ඇත.

”අපගේ පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ සේවාවක් සමගින් හොඳම අත්දැකීමක් තිළිණ කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ඒ වගේම අප සමග අත්වැල් බැඳගෙන සිටීම වෙනුවෙන් අපගේ පාරිභෝගිකයන්ට නිතර ත්‍යාග පිරිනැමීමටත් අප අමතක කරන්නේ නැහැ. Game of Tunes යනු එසේ අපගේ පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීම සඳහා අප සැලසුම් කළ වැඩසටහන් රැසක් අතරින් තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස හඳුන්වන්නට පුළුවන්.” එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී යසර් අබුල් අමායම් මහතා පැවසී ය.

—Game of Tunes වැඩසටහනේ පළමු අදියර අතිශයින් සාර්ථක වුණා. එහිදී ප‍්‍රථම ත්‍යාගය ලෙස පිරිනැමුණේ රු. මිලියන 4 ක් වටිනා අලූත්ම අලූත් SUV රථයක්. මේ වසරේදී ප‍්‍රථමත්‍යාගයේ වටිනාකම තවත් වැඩිකරමින් රටේ සුවිශේෂී තැනකින් අලූත්ම අලූත් නිවසක් පිරිනමන්නට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම වැඩසටහන පැවැත්වෙන කාලය පුරාම දිනපතා හා සතිපතා ත්‍යාග පිරිනැමීමත් තවත් විශේෂත්වයක්.” ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

එටිසලාට් Call-A-Tunes සේවාව යටතේ පාරිභෝගිකයන්ට ගීත 10,000 ක අධික සංඛ්‍යාවක් ලබාගත හැකි වේ. සිංහල ගීත, දෙමළ ගීත, ඉංග‍්‍රීසි ගීත, හින්දි ගීත, වාදන, තේමා ගීත, බෝනස් ගීත වැනි ගීත රැුසක්, තමන්ගේ රුචියට අනුව පාරිභෝගිකයන්ට තෝරාගත හැක. තරගයට සහභාගී වීම සඳහා කළ යුතු වන්නේ *354 ඩයල් කර Call-A-Tunes සේවාව භාවිතා කිරීම පමණි.

Call-A-Tunes සේවාව පිළිබඳව වැඩි විස්තර සඳහා පහත සඳහන් වෙබ් ලිපිනයට පිවිසෙන්න.

http://161.202.25.199/personal/mobile/call-a-tunes/

මෑතකදී ශ‍්‍රී ලංකාව මුහුණදුන් දරුණු ගංවතුර තත්ත්වයෙන් විපතට පත් එටිසලාට් පාරිභෝගිකයන්ට විශේෂ දුරකථන සේවා සහනාධාර සැපයීමට එටිසලාට් ලංකා සමාගම ඉදිරිපත් වී සිටී. ඒ අනුව එටිසලාට් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට නොමිලේ රීලෝඞ් හිමිවන අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ ණය සීමාව වැඩි කෙරෙනු ඇත. ගංවතුරෙන් බලපෑම් එල්ලවූ ප‍්‍රදේශවල තවමත් රීලෝඞ් හා රීචාජ් කාඞ්පත් ලබාගැනීමේ දුෂ්කරතා පවතී. ඒ නිසා පාරිභෝගිකයන්ට නොමිලේ කථා කාලයක් ලබාදීම සඳහා 722 අංකය (දුරකථන ගාස්තු අය නොකෙරේ* විවෘත කිරීමට එටිසලාට් ලංකා කටයුතු කර ඇත.

ඒ අනුව 722 අංකය ඇමතීම මගින් එටිසලාට් පාරිභෝගිකයන්ට ඕනෑම එටිසලාට් අංකයකට විනාඩි 10 ක කථා කාලයක් සහ වෙනත් ජාලයකට අයත් අංකවලට විනාඩි 5 ක කථා කාලයක් නොමිලේ හිමි වේ.

එමෙන්ම ගංවතුරෙන් විපතට පත් තම හිතමිතුරන්ට එටිසලාට් විද්‍යුත් මුදල් සේවාව වන Etisalat Wallet හරහා ක්‍රෙඩිට් ලබාදීමේ හැකියාවද දැන් එටිසලාට් පාරිභෝගිකයන්ට උදාවී ඇත. මෙවැනි ගනුදෙනුවලදී සාමාන්‍යයෙන් අයකෙරෙන ගාස්තුව කපාහැරීමට එටිසලාට් ලංකා කටයුතු කර ඇති අතර *345 ඩයල් කිරීමෙන් එසේ ක්‍රෙඩිට් ලබාදිය හැකි වේ.

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අපහසුවකින් තොරව තම ආදරණීයයන් සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වාගැනීමට උපකාරී වීම එටිසලාට් ලංකා සමාගම දියත් කළ මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වී ඇත.

නව ග‍්‍රාහක මධ්‍යස්ථාන 300 ක්

තම සේවාව තවදුරටත් කිරීමේ දියුණු හා පුළුල් කිරීමේ උත්සාහයේ නව පියවරක් ලෙස 2016 ජූනි මස අවසානය වන විට නව ග‍්‍රාහක මධ්‍යස්ථාන 300 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට එටිසලාට් ලංකා සමාගම පියවර ගෙන තිබේ. මේ සඳහා ජාත්‍යන්තර චීන සන්නිවේදන උපකරණ හා පද්ධති සමාගමක් වන ZTE සමාගමද එක්වී සිටී.

මෙම වැඩසටහනේ එක් ප‍්‍රධාන අරමුණක් වන්නේ එටිසලාට් 3G සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරාම ව්‍යාප්ත කිරීමයි. මෙහි එක් පියවරක් ලෙස පසුගිය වසරේදීද 2G සහ 3G මධ්‍යස්ථාන ඇතුළත්ව නව ග‍්‍රාහක මධ්‍යස්ථාන 200 ක් දිස්ත‍්‍රික්ක 8 ක ස්ථාපිත කිරීමට එටිසලාට් ලංකා සමාගම පියවර ගත්තේ ය.

”අන්තර්ජාල සේවා සඳහා ඇති ඉල්ලූම දිනෙන් දින ඉහළ යනවා. අප සෑම විටම උත්සාහ කරන්නේ ඒ ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට හැකිවන පරිදි එටිසලාට් ජාලය පුළුල් කිරීමටයි. මේ ඔස්සේ අර්ධ නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන ජනතාවටත් විශිෂ්ට 3G පහසුකම් අත්විඳීමට හැකිවෙනවා. ඒ වගේම මේ වනවිට අධිවේගී අන්තර්ජාල සේවාවක් ලබාදීම සහ සුපැහැදිලි ඇමතුම් ගෙනෙන HD Voice තාක්ෂණය ආදිය සම්බන්ධයෙන් පාරිභෝගියන් අතර එටිසලාට් බෙහෙවින් ජනප‍්‍රියයි. ඒ නිසා ස්මාර්ට් ෆෝන් භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප‍්‍රමුඛ තේරීම බවට පත්වීමට එටිසලාට් සමත් වී තිබෙනවා.” එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී යසර් අබ්දුල් අමායම් මහතා පැවසී ය.

දැනටමත් අධිවේගී අන්තර්ජාල සේවාවක් සමගින් අඛණ්ඩව සම්බන්ධතාවක් සහතික කිරීමට එටිසලාට් සමත් වී ඇත. මේ නව ග‍්‍රාහක මධ්‍යස්ථාන ඉදිකිරීම, සමස්තයක් ලෙස සිය සේවාව තවදුරටත් උසස් කිරීම සඳහා එටිසලාට් දරන උත්සාහයක එක් ඉදිරි පියවරකි. මෙය පාරිභෝගිකයන් අතර තවතවත් ජනප‍්‍රිය වීමට එටිසලාට් ලංකා සමාගමට බෙහෙවින් උපකාරී වනු ඇත.

විශිෂ්ට මට්ටමේ ජංගම දුරකථන සේවා සැපයීම සම්බන්ධයෙන් පෙරෙමුණේ සිටින එටිසලාට් ලංකා දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ සේවාවන් අත්විඳීම සඳහා සම අවස්ථා ලබා දෙයි. දැනටමත් එටිසලාට් පාරිභෝගිකයන්ට අධිවේගී Dual Carrier HSPA+ තාක්ෂණය සමග අධිවේගී 3.75G සේවාවක් අත්විඳීමට හැකිවී තිබේ. එමෙන්ම එටිසලාට් හි නවීන ‘All-IP’ ජාලය ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වී ඇති අතර සුපැහැදිලි ඇමතුම් ලබාදෙන HD Voice තාක්ෂණයද එටිසලාට් සේවාවන්හි භාවිතා වේ. මේ සියල්ල නිසා එටිසලාට් යනු ස්මාර්ට්ෆෝන් සඳහා හොඳින්ම ගැළපෙන සේවාව බවට පත්වී ඇත.

සිය 25 වන සංවත්සර ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියරේ තුන්වන සහ හතරවන කාණ්ඩවල ජයග‍්‍රහකයන්ටත් ත්‍යාග පිරිනැමීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. කොළඹ 03 පිහිටි සමාගමේ සුපිරි සේවා මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී එටිසලාට් සමාගමේ නියෝජිතයන් විසින් ජයග‍්‍රාහකයන් වෙත ත්‍යාග පිරිනමන ලදි.

සිය ජාලයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් එටිසලාට් ලංකා සමාගම ක‍්‍රියාත්මක කරන ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර වන මෙය, මාස 6 ක කාලයක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ යටතේ රු. 25,000,000 ක් පමණ වටිනා ත්‍යාග 23,000 ක් පමණ බෙදාදීමට සමාගම අපේක්ෂා කරයි. මෙම ත්‍යාග අතරට මුදල් ත්‍යාග, එටිසලාට් රීලෝඞ්, ගුවන් ටිකට්පත්, මෝටර් සයිකල්, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් පරිගණක, රන් කාසි, LED රූපවාහිනී සහ අවසන් මහා ත්‍යාගය ලෙස Honda Vezel SUV රථයක් ඇතුළත් වී තිබේ. තම එටිසලාට් දුරකථනය රීලෝඞ් කිරීමෙන් හෝ වැඩිවැඩියෙන් ඇමතුම් ලබාගැනීමෙන් එටිසලාට් පාරිභෝගිකයන්ට වැඩි දිනුම් අවස්ථා උදාකරගත හැක. එමෙන්ම *25 හෝ #25# ඩයල් කිරීමෙන් ඔවුන්ට තම දිනුම් අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැකි වේ.

පසු පෙළ වමේ සිට:
එටිසලාට් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු- වක‍්‍ර විකුණුම්- පරාක‍්‍රම විජේරත්න මහතා,
පන්නිසෙල්වම් රමේෂ් (ටැබ්*, තිලානපල්ලගේ ජයසේකර (ටැබ්*, ආරුමුගම් කන්දසාමි නුදාලියම්
(රන් කාසියක්*, චමින්ද බණ්ඩාර (රන් කාසියක්*, අධ්‍යක්ෂ-පාරිභෝගික ළැදියා හා රඳවාගැනීම්
කළමනාකරණ නජ්ම් අහ්මඞ් මහතා සහ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු- පෙරගෙවුම්- ශමීල් බිශ්රි
මහතා

ඉදිරි පෙළ වමේ සිට:
ඉරෝෂ් ප‍්‍රියදර්ශන පෙරේරා (රූපවාහිනියක්*, කවුල්පාන ගෙදර වික‍්‍රමසිංහ (රූපවාහිනියක්*, ප‍්‍රතිභා
තරුෂිකා ප‍්‍රනාන්දු (රූපවාහිනියක්*, ඉලන්දාරි පේඩිගේ කුසුමලතා (මෝටර් සයිකලයක්*, චාමරිකා
දිල්හානි ප‍්‍රනාන්දු (රන් කාසියක්* සහ අයේෂා උදයංගනී කුමාරි (ස්මාට්ෆෝන් එකක්*.

එටිසලාට් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු- වක‍්‍ර විකුණුම්- පරාක‍්‍රම විජේරත්න මහතා, ජයන්ත
සිසිර කුමාර (රු. 150,000 මුදල් ත්‍යාගයක්*, සුගත් වර්ණකුලසූරිය (රු. 150,000 මුදල් ත්‍යාගයක්*,
ශ‍්‍රියාවතී හෙට්ටිආරච්චි (රු. 150,000 මුදල් ත්‍යාගයක්*, ඩිලානි නාලිකා පින්තූ (රූපවාහිනියක්*,
සුනිල් චන්ද්‍රසිරි (ටැබ් එකක්*, අධ්‍යක්ෂ-පාරිභෝගික ළැදියා හා රඳවාගැනීම් කළමනාකරණ නජ්ම්
අහ්මඞ් මහතා සහ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු- පෙරගෙවුම්- ශමීල් බිශ්රි මහතා

 

එටිසලාට ශ‍්‍රී ලංකා සමාගම සිය පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් cliQ  නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. මේ ඔස්සේ පාරිභෝගිකයන්ට කාලය පදනම් කරගත් ජංගම දුරකථන අන්තර්ජාල පැකේජ මිලදීගත හැකි වේ. මෙය ඔවුන්ට ජංගම අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාගැනීම සඳහා ලැබෙන නම්‍යශීලී සහ විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමයක් වන අතරම මෙගාබයිට් සහ ගිගාබයිට් මිනුම් ක‍්‍රම අනුව සැකසූ, වියදම් අධික සහ වටහාගැනීමට දුෂ්කර අන්තර්ජාල පැකේජ ලබාගැනීමේ අවශ්‍යතාව මගහැරී යයි.

මෙම සුවිශේෂී විසඳුම නිර්මාණය කර ඇත්තේ ෆින්ලන්තයේ  Comptel Corporation විසිනි. විසිනි. මෙමගින් පාරිභෝගිකයන්ට පැහැදිලි අවබෝධයකින් යුතුව වඩාත් පහසුවෙන් අන්තර්ජාල පැකේජ මිලදීගෙන, භාවිතා කර, ඒ සඳහා ගෙවීම් කළ හැකි වේ.

“cliQ හඳුන්වා දීමත් සමගින් අපට දැන් අපගේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට වඩාත් හො`දින් ගැළපෙන, සහනදායී අන්තර්ජාල සම්බන්ධතා වඩාත් නිර්මාණශීලී ආකාරයකට ඔවුන් වෙත සමීප කරවීමේ අවස්ථාව ලැබී තිබෙනවා.” එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී කලීෆා මැහ්මූඞ් පැවසී ය.

මෙම පුරෝගාමී ක‍්‍රමවේදය පාරිභෝගිකයන්ට අන්තර්ජාල පැකේජ මිලදීගැනීම සහ භාවිතය පහසු කරන අතරම එටිසාලට් සමාගමට වැඩි ආදායම් රැුගෙන එන ක‍්‍රමවේදයක්ද වනු ඇත.

‘‘ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට cliQ හඳුන්වා දීම සඳහා එටිසලාට් සමාගම සමග අත්වැල් බැ`දගැනීමට ලැබීම අපට විශාල සතුටක්. තවත් බිලියන දෙකක ජනතාවකට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සහනදායී ක‍්‍රමවේදයක් හඳුන්වා දීම අපගේ ඉලක්කයයි. මේ හවුල්කාරීත්වය ඒ සඳහා තැබුණු තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Comptel Corporation FWD  ප‍්‍රධානී හැරී ජ්‍යාන් මහතා පැවසී ය.