ඬේටා ගාස්තු වලින් තොරව රිසි සේ අන්තර්ජාලය ඔස්සේ ගීත රසවිඳීම සඳහා සිය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව දැන් ‘එටිසලාට් මියුසික් ඇප්’   (Etisalat Music App) තුළින් ශ‍්‍රී ලාංකික ගීත 15,000, ජාත්‍යන්තර ගීත 9,000 සහ ‘මියුසික් වීඩියෝ’ 2,500 කට අධික සංඛ්‍යාවක් රිසි සේ රසවිඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වී ඇත.

නවතම ගීත මෙන්ම රසික හද දිනූ පැරණි ගීතද මෙම එකතුවට ඇතුළත් වී තිබේ. ඒ අනුව පාරිභෝගිකයන්ට තම රුචිකත්වය අනුව ගීත රසවිඳීමේ අවස්ථාව හිමිවනු ඇත.

Song Catcher, Lyric Finder, Social Points  සහ Mood Map වැනි විශේෂාංග රාශියක්ද ‘එටිසලාට් මියුසික් ඇප්’ හි ඇතුළත් වී තිබේ. දිනකට රු. 3 ක් වැනි නාමික ගාස්තුවක් යටතේ හෝ සතිපතා හෝ මාසික ගාස්තු ක‍්‍රමයක් යටතේ පාරිභෝගිකයන්ට රිසි සේ අන්තර්ජාලය ඔස්සේ ගීත රසවිඳිය හැකි වනු ඇත.

මෙහි ‘Editor’s Pick’ යටතේ නව ගීත සහ වීඩියෝ දැක්වෙන අතර  ‘Trending’ කාණ්ඩය යටතේ වඩාත්ම ජනප‍්‍රිය වූ ගීත සහ වීඩියෝ දැක්වේ.  Evoke International සමග එක්ව නිර්මාණය කර ඇති ‘එටිසලාට් මියුසික් ඇප්’ දැන්  Play Store  සහ App Store වෙතින් බාගත කළ හැක.

එටිසලාට් ලංකා සමාගමේ කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයන් විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍යමය ආධාර රැුගත් ‘මනුදම් සපිරි නොබිඳුණු සබැඳියාව’ සහන යාත‍්‍රාව පසුගියදා කළුතර දිස්ත‍්‍රික්කයේ විපතට පත් ජනතාව වෙත ළඟා විය.

ප‍්‍රදේශයේ බෞද්ධ විහාරයක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ එම ආධාර විපතට පත් ජනතාව අතර බෙදා දෙන ලදි.

‘‘මෙම වැඩසටහනට මේ ආකාරයෙන් දායක වීම සම්බන්ධයෙන් මා අපගේ කාර්ය මණ්ඩලයට හා පාරිභෝගිකයන්ට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මෙසේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අමතරව, ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි විපතට පත් ප‍්‍රදේශවලට ජනතාවට විනාඩි 75 ක කතා කාලයක් නොමිලේ ලබාදීමටත් අප පියවර ගත්තා. මෙය එම ජනතාවට සහන සේවා හා සම්බන්ධ වීමට බෙහෙවින් උපකාවී වීම සතුටට කරුණක්.” එටිසලාට් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි* යාර්ධව් මධියාපරානම් මහතා පැවසී ය.

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී නගරවලින් දුරබැහැර ප‍්‍රදේශවල පිහිටි, ගංවතුර හා නායයෑම් නිසා හානියට පත්වූ පාසල් කිහිපයක් හඳුනා ගැනීමටද එටිසලාට් ලංකා සමාගම කටයුතු කළේ ය. ‘මනුදම් සපිරි නොබිඳුණු සබැඳියාව’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ එම පාසල් අලූත්වැඩියා කිරීමට සමාගම මේ වනවිට සැලසුම් කර ඇත.

ශ‍්‍රී ලංකා රග්බි සුපර් සෙවන්ස් 2017 තරගාවලියේ ප‍්‍රථම අදියර අවසානයේ ශූරතා පළිහ තමන් සතු කරගැනීමට එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම සමත් විය. අයහපත් කාලගුණය මැද පවා අති සාර්ථක ලෙස මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති පළිහ අවසන් තරගයේදී ඔවුන් අතින් 17 – 0 ලෙස පරාජයට පත්වූයේ කාගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

පළිහ අවසන් තරගය කරා ආ ගමනේදී එටිසලාට් පැන්තර්ස් පිලට දක්ෂ කණ්ඩායම් කිහිපයක අභියෝග වලට මුහුණ දීමට සිදුවිය. සෙනසුරාදා ‘ඊසි වුල්ව්ස්’ කණ්ඩායම සමග පැවති ප‍්‍රථම තරගයේදී සමගින් තම කණ්ඩායමට ප‍්‍රථම උත්සාහක ලකූණ සහතික කර දීමට ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වූ අතර තරගය අවසන් වූයේ ලකුණු 19 – 17 ලෙස එටිසලාට් පිලට ජය හිමිකර දෙමිනි.

සිය දෙවන තරගයේදී ව ෝකර්ස් ක්‍ඵඛ යිපර්ස් පිල පරදවා ලකුණු 26 – 07 ක් ලෙස දැවැන්ත ජයක් ලැබීමට එටිසලට් පිලට හැකියාව ලැබිණි. එහෙත් තුන්වන තරගයේදී ලකුණු 19 – 15 ලෙස එටිසලාට් පිල පරාජය කිරීමට කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිලට සමත් විය.

දෙවන දිනයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී එටිසලාට් පැන්තර්ස් පිල ඇක්සෙස් කිංස් පිල වෙතින් ලකුණු 19 – 14 ලෙස පරාජයක් ලැබී ය. දෙවන තරගය එටිසලාට් පැන්තර්ස් සහ ඊසි වුල්ව්ස් දෙපිළටම වැදගත් වූ අතර එම තරගය 17 – 14 ලෙස ජයගත් ඊසි වුල්ව්ස් පිල බඳුන අවසන් තරගයටත්, එටිසලාට් පැන්තර්ස් පිල පළිහ අවසන් තරගයටත් සුදුසුකම් ලැබූහ.

පළිහ අවසන් තරගයේදී කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිලේ අභියෝග පහසුවෙන් මෙල්ල කිරීමට එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව ලකුණු 17 – 0 ලෙස ශ‍්‍රී ලංකා රග්බි සුපර් සෙවන්ස් 2017 තරගාවලියේ ශූරතා පළිහ තමන් සතු කර ගැනීමට එටිසලාට් පැන්තර්ස් පිලට හැකියාව ලැබිණි.

SL Geek Club සංවිධානය කරන ‘Lanka Comic Con 2017’  සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එටිසලාට් ලංකා සමාගම නම් කර තිබේ. 2015 සිට දෙවරක් මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාව තුළ සාර්ථකව පවත්වා ඇති අතර මෙම වසරේදී පෙරටත් වඩා පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස් භේදයකින් තොරව විශාල පිරිසක් ආකර්ෂණය වන වැඩසටහනක් වන බැවින් මෙවරත් ඊට අනුග‍්‍රහය දැක්වීම සඳහා එටිසලාට් ලංකා සමාගම ඉදිරිපත් විය.

‘Lanka Comic Con 2017’ වැඩසටහන අගෝස්තු 26 සහ 27 දෙදින තුළ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත. 6,000 ත් 9,000 ත් අතර පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘‘ශ‍්‍රී ලංකාවේ නව අදහස් දරන නිර්මාණකරුවන් දිරිගැන්වීම වැදගත් බව එටිසලාට් ලංකා සමාගම විශ්වාස කරනවා. ඒ වගේම සන්නිවේදනය යනු විවිධ මට්ටම් හා විවිධ මාධ්‍ය හරහා විසිරී පැතිරී ගිය දෙයක් බව අපගේ අදහසයි. ‘Lanka Comic Con’ හුදෙක් විනෝදාත්මක වැඩසටහනක් ලෙස නම් කරන්නට බැහැ. මෙය සැබැවින්ම දැනුම බෙදාහදා ගැනීමේ පදනමක් ලෙසද හඳුන්වන්නට පුළුවන්.” එටිසලාට් ලංකා සමාගමේ කළමනාකරු (සන්නාම හා පාරිභෝගික සන්නිවේදන) උදාර ගුණසිංහ මහතා පැවසී ය.

ලොව ඕනෑම රටක පැවැත්වෙන Comic Con උත්සවයකදී විවිධ චරිත නිරූපණය කරන ඇඟලූම් වලින් සැරසීම සිදුවේ. මීට අමතරව Lanka Comic Con වැඩසටහන තුළදී වැඩමුළු, සංවාද, සංගීත ප‍්‍රසංග මෙන්ම දරුවන් හා වැඩිහිටියන් විනෝදමත් කරන තවත් වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Lanka Comic Con 2017 පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කරුණාකර  www.lankacomiccon.lk  වෙත පිවිසෙන්න.

අඛණ්ඩව 6 වන වරටත් Neo@Ogilvy සමග එක්වී ලෝක සමාජ මාධ්‍ය දින සැමරුම් උළෙලක් සංවිධානය කිරීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කළේ ය. පසුගිය ජූනි 30 වනදාට යෙදී තිබූ ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් පැවති මෙම වැඩසටහන පසුගිය ජූලි 09 වැනිදා මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සමාජ මාධ්‍ය සම්මන්ත‍්‍රණයක් සමගින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ වූ අතර ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සමාජ මාධ්‍ය විශේෂඥයෝ සහභාගී වූහ. ‘ජනමාධ්‍ය විවිධාංගීකරණය වූ ලෝකයක සාර්ථකත්වය ළ`ගාකරගන්නේ කෙසේද?’ යන තේමාව යටතේ මෙම සංවාදය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ Neo@Ogilvy හි ඩිජිටල් ක‍්‍රමෝපාය උපදේශිකා මේරියන් ස්ටීවන්ස්  Dark Social සංකල්පය සහ පවතින නාලිකා මගින් උපරිම ප‍්‍රයෝජන ගැනීමේ ක‍්‍රමවේද සාකච්ඡුාවට බඳුන් කළා ය. විජය පුවත්පත් සමාගමේ අලෙවි ප‍්‍රධානී (අන්තර්ගත හා ඩිජිටල් මාධ්‍ය* උමයිර් වොලිඞ් සෘණාත්මක ප‍්‍රසිද්ධිය යනු සැබවින්ම අයහපත් ප‍්‍රචාර ද˘යන්න සාකච්ඡුාවට බඳුන්් කළ අතර රාජ්‍ය ප‍්‍රතිපත්ති ගවේෂක ශාස්ත‍්‍රවේදී˘චානුක වත්තේගම අන්තර්ජාලගත ජනමාධ්‍යවේදය හා එහි ධනාත්මක හා සෘණාත්මක පැති ගැන සාකච්ඡුාවට ලක්කළේ ය.

එටිසලාට් ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ යාර්ධව් මතියාපරානම්, ශ්‍රී ලංකා නීති සංගමය නියෝජනය කරමින්˘රෙහාන් අල්මේදා සහ  Neo@Ogilvy හි ඩිජිටල් මාධ්‍ය හා ඩිජිටල් නිෂ්පාදන ප‍්‍රධානී අමිත අමරසිංහ මෙහිදී විශේෂ සංවාදයක් මෙහෙයවූ අතර එහිදී වෙළඳ නාම, සමාජ මාධ්‍ය තුළ ඒවායේ භූමිකාව සහ හදිසි අවස්ථාවන් කළමනාකරණය කිරීම යනාදිය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

වැඩසටහනේ අවසාන භාගයේදී පැවති  ‘Meet Up’ සැසිය තුළදී බොහෝ දෙනෙකු ඉතාමත් උනන්දුවෙන් බලාපොරොත්තු වී සිටි සමාජ මාධ්‍ය සම්මාන උළෙල පැවැත්විණි. http://socialmediacolombo.com  වෙබ් අඩවිය මගින් සතියක කාලයක් පුරා එක්රැුස් කරගන්නා ලද නාමයෝජනා විශේෂ විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ලදි. Antyra Solutions හි ප‍්‍රධාන වාණිජ නිලධාරී රොහාන් ජයවීර, සමාජ මාධ්‍ය විශේෂඥ ප‍්‍රසාද් පෙරේරා,  Yoho Bed ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී චාමර පීරිස්, විජය පුවත්පත් සමාගමේ අලෙවි ප‍්‍රධානී (අන්තර්ගත හා ඩිජිටල් මාධ්‍ය* උමයිර් වොලිඞ් සහ  Quantum Leap සම නිර්මාතෘ අමිත ගමගේ යන අය මෙම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වූහ. විවිධ සමාජ මාධ්‍ය තලවල කැපී පෙනෙන පුද්ගලයන් සහභාගී වූ සංවාදයකින් අනතුරුව උත්සවය අවසන් විය. මෙම අවස්ථාවට ඉරාජ්, කළුමල්ලි, Leitch Peitch  සහ වස්ති වැනි ප‍්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහභාගී වූ අතර ඔවුහු  Facebook, YouTube, Instagram  සහ  Twitter භාවිතය සම්බන්ධයෙන් තම අදහස් බෙදාහදාගත්හ.

එටිසලාට ශ‍්‍රී ලංකා සමාගම සිය පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් cliQ  නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. මේ ඔස්සේ පාරිභෝගිකයන්ට කාලය පදනම් කරගත් ජංගම දුරකථන අන්තර්ජාල පැකේජ මිලදීගත හැකි වේ. මෙය ඔවුන්ට ජංගම අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාගැනීම සඳහා ලැබෙන නම්‍යශීලී සහ විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමයක් වන අතරම මෙගාබයිට් සහ ගිගාබයිට් මිනුම් ක‍්‍රම අනුව සැකසූ, වියදම් අධික සහ වටහාගැනීමට දුෂ්කර අන්තර්ජාල පැකේජ ලබාගැනීමේ අවශ්‍යතාව මගහැරී යයි.

මෙම සුවිශේෂී විසඳුම නිර්මාණය කර ඇත්තේ ෆින්ලන්තයේ  Comptel Corporation විසිනි. විසිනි. මෙමගින් පාරිභෝගිකයන්ට පැහැදිලි අවබෝධයකින් යුතුව වඩාත් පහසුවෙන් අන්තර්ජාල පැකේජ මිලදීගෙන, භාවිතා කර, ඒ සඳහා ගෙවීම් කළ හැකි වේ.

“cliQ හඳුන්වා දීමත් සමගින් අපට දැන් අපගේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට වඩාත් හො`දින් ගැළපෙන, සහනදායී අන්තර්ජාල සම්බන්ධතා වඩාත් නිර්මාණශීලී ආකාරයකට ඔවුන් වෙත සමීප කරවීමේ අවස්ථාව ලැබී තිබෙනවා.” එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී කලීෆා මැහ්මූඞ් පැවසී ය.

මෙම පුරෝගාමී ක‍්‍රමවේදය පාරිභෝගිකයන්ට අන්තර්ජාල පැකේජ මිලදීගැනීම සහ භාවිතය පහසු කරන අතරම එටිසාලට් සමාගමට වැඩි ආදායම් රැුගෙන එන ක‍්‍රමවේදයක්ද වනු ඇත.

‘‘ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට cliQ හඳුන්වා දීම සඳහා එටිසලාට් සමාගම සමග අත්වැල් බැ`දගැනීමට ලැබීම අපට විශාල සතුටක්. තවත් බිලියන දෙකක ජනතාවකට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සහනදායී ක‍්‍රමවේදයක් හඳුන්වා දීම අපගේ ඉලක්කයයි. මේ හවුල්කාරීත්වය ඒ සඳහා තැබුණු තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Comptel Corporation FWD  ප‍්‍රධානී හැරී ජ්‍යාන් මහතා පැවසී ය.

‘ශ‍්‍රී ලංකා සුපර් සෙවන්ස්’ රග්බි තරගාවලියේ උණුසුම ඉහළ යාමත් සමග එම තරගාවලියට සහභාගී වන ‘එටිසලාට් පැන්තර්ස්’ කණ්ඩායමේ සාමාජිකයන් නම්කිරීමට එම සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙම තරගාවලියේ ප‍්‍රථම වටයේ තරග වසර 5 කට පසුව ප‍්‍රථම වරට මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී ජූලි 8 සහ 9 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික මට්ටමින් මෙන්ම ක‍්‍රීඩා සමාජ හා පාසල් මට්ටමින් කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කළ දේශීය හා විදේශීය රග්බි ක‍්‍රීඩකයෝ පිරිසක් එටිසලාට් කණ්ඩායමට ඇතුළත් වී සිටිති. අත්දැකීම් බහුල ක‍්‍රීඩකයෙකු වන ෆසිල් මරිජා විසින් කණ්ඩායම මෙහෙයවන අතර, මෑත කාලයේදී තම පාසල් නියෝජනය කරමින් රග්බි පිටිය වර්ණවත් කළ නවීන් හේනකංකානම්ගේ සහ විමුක්ති රාහුල යන ක‍්‍රීඩකයෝද එටිසලාට් පැන්තර්ස් කණ්ඩායමට සුදුසුකම් ලබා සිටිති. අසංක රුද්‍රිගු කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, මහේෂ් කුමාර කණ්ඩායමේ කළමනාකරු ලෙසත් කටයුතු කරනු ඇත.

‘‘මේ සතියේ අපි පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. අපගේ කණ්ඩායමේ අත්දැකීම් බහුල ක‍්‍රීඩකයන් රැුසක් සිටියත් අප දිනකට පුහුණු සැසි දෙක බැගින් පවත්වනවා. ඊළ`ග සතියේදී විදේශ ක‍්‍රීඩකයන් මේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වීමට නියමිතයි. එහිදී අපට සෑම ක‍්‍රීඩකයෙකුගේම දක්ෂතා හොඳින් හඳුනා ගැනීමේ අවස්ථාව හිමි වේවි.” එටිසලාට් පැන්තර්ස් කණ්ඩායමේ පුහුණුකරු අසංක රුද්‍රිගු පැවසී ය.

‘‘සුපර් සෙවන්ස් තරගාවලිය යනු සෑම ක‍්‍රීඩකයෙකුගේ දක්ෂතා උරගා බැලීමට ලැබෙන අවස්ථාවක්. මේ තරගාවලියේ භාවිතා වන හිමිකාරීත්ව කණ්ඩායම් (Franchise teams)  ක‍්‍රමය නිසා රග්බි ක‍්‍රීඩකයන් පිටියේදී වැඩිවැඩියෙන් දක්ෂතා දැක්වීමට පෙළඹෙනවා. එම දක්ෂතා අනුව ඔවුන්ට රග්බි ක‍්‍රීඩාවේ ජාත්‍යන්තර තලයට පිවිසීමට අවස්ථාව ලැබීම ඊට හේතුවක්.” එටිසලාට් පැන්තර්ස් කළමනාකරු මහේෂ් කුමාර එසේ අදහස් දැක්වී ය. කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහු ශ‍්‍රී ලංකා රග්බි ආයතනයේ සහකාර කළමනාකරු සහ රග්බි සංවර්ධන සභාපති ලෙසද කටයුතු කරයි.

‘‘අපේ කණ්ඩායමේ සිටින්නේ අත්දැකීම් බහුල ක‍්‍රීඩකයන් පිරිසක්. අප සෑම දෙනාම මීට පෙර විවිධ ක‍්‍රීඩා සමාජ හා කණ්ඩායම් නියෝජනය කරමින් රග්බි පිටියේදී මුණගැසී තිබෙනවා. මේ ආකාරයට සමාගමක හිමිකාරීත්වය යටතේ පවතින කණ්ඩායමක ක‍්‍රීඩකයන් වීම අභියෝගයක් වගේම වාසියක්ද වනවා. අපගේ සාමාජිකයන් සියලූදෙනාම හොඳින් එකිනෙකා අවබෝධ කරගෙන කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක‍්‍රීඩා කරන බව, කණ්ඩායමේ නායකයා ලෙස මට සහතික වන්නට පුළුවන්. පුහුණු සැසි ඔස්සේ මේ අපට මේ කණ්ඩායම් හැඟීම තවත් වැඩිදියුණු කරගනිමින් ඉදිරියේ පවතින අභියෝග ජයගැනීමට හැකිවන බවට කිසිදු සැකයක් නැහැ.” එටිසලාට් පැන්තර්ස් නායක ෆසිල් මරිජා පැවසී ය.

රග්බි යනු එටිසලාට් සමාගමට ආගන්තුක ක‍්‍රීඩාවක් නොවේ. කලක පටන් මහනුවර රග්බි ක‍්‍රීඩා සමාජයට හා ශ‍්‍රී ලංකා යුධ හමුදා රග්බි ක‍්‍රීඩා සමාජයට අනුග‍්‍රහය දැක්වීමට එම සමාගම කටයුතු කර ඇත. මෙම ක‍්‍රීඩා සමාජ දෙක සමග එටිසලාට් සමාගම පවත්වාගෙන යන දීර්ඝකාලීන සම්බන්ධතාව ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට එම සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.

‘‘මේ ආකාරයට මෙම වසරේ ‘ශ‍්‍රී ලංකා සුපර් සෙවන්ස්’ රග්බි තරගාවලියට කණ්ඩායමක් සහභාගී කරවීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවට දියුණු කිරීමට දායක වෙමින් එය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අප දරන උත්සාහයේ තවත් සුවිශේෂී පියවරක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී කලීෆා මැහ්මූඞ් පැවසී ය.

ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දිගින් දිගටම ආයෝජනයන් සිදුකිරීම ඉතාමත් වැදගත් බවත්, එය පාරිභෝගිකයන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණ මූලික කරගත් තම සන්නාම වටිනාකම් හා මනාව ගැළපෙන බවත් එටිසලාට් සමාගමේ විශ්වාසය වේ. එම විශ්වාසය පෙරදැරිව එම සමාගම ‘ශ‍්‍රී ලංකා සුපර් සෙවන්ස්’ රග්බි තරගාවලියට සහභාවී වන සියලූම කණ්ඩායම්වලට සිය උණුසුම් සුභපැතුම පිරිනමයි.